Home උණුසුම් පුවත් වර්ජනයෙන් නතර වූ කෝච්චි

වර්ජනයෙන් නතර වූ කෝච්චි

වර්ජනයෙන් නතර වූ කෝච්චි

අද(12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබේ.

ඒ දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හේතුවෙනි.

දුම්රිය ගමන් වාර 30කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වේ.

හලාවත, ගනේවත්ත සහ අලුත්ගම සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එමෙන්ම කොළඹ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු වී ඇත.

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එසේවුවද ප්‍රදේශ කිහිපයකම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වූ බව ද සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here