fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වහලයේ ගිය මගියකු කෝච්චියෙන් ඇද වැටී මරුට

    වහලයේ ගිය මගියකු කෝච්චියෙන් ඇද වැටී මරුට

    මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

    මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගම දුම්රියපළින් ගොඩවී ඇතැයි සඳහන් ය.

    දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් උදෑසන රැකියා සහ ගමන්බිමන් සඳහා පිටත්වූ මගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

    මේ වනවිට දුම්රිය ප්‍රමාදවීම් රැසක් පවතින අතර ගමන්වාර 36කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇතැයි ද වාර්තා වේ.

    දුම්රිය මගින් ගමන් කරන විට අනාරක්ෂිත ලෙස ගමන් කිරීමෙන් වළකින ලෙස බලධාරීහු දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටිති.

    ඔබේ අදහස් දක්වන්න.