තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු 100කට වඩා පැරණි නීතියක් වෙනස් කරන්න සූදානමක්

    අවුරුදු 100කට වඩා පැරණි නීතියක් වෙනස් කරන්න සූදානමක්

    සුරාබදු නීති වෙනස් කිරීමට රජය සූදානම් වෙයි.

    ඒ සඳහා දැනට පවතින සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මෙරට සුරාබදු සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන සුරාබදු ආඥා පනත අවුරුදු 100කටත් පැරණි පනතක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එය වරින් වර යුගයේ අවශ්‍යතා මත සුරාබදු නිවේදන 1,000කට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන කර ඇත.

    “ඉතින් ඒ නිසා මේකට විශාල පැලැස්තර ප්‍රමාණයක් අලවාගත්ත රෝගියෙකු වගේ. පනතෙන් ආවරණය කරපු ආවරණයන් අද ප්‍රමාණවත් නැහැ. කෙළවරක් නැති සිදුරු නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ සිදුරු සියල්ල වසලා සැබෑ රාජ්‍ය ආදයම ලබාගැනීම සඳහා අවශ්‍ය යවත්කාලීන කිරීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සුරාබදු පනත වෙනස් කිරීම පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන යනවා” යැයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. සුරාබදු පනත වෙනස් කිරීමට කලින් හිඟ මුදල් එකතු කරන්න ඕනේ! අල්ලස් හෝ දූෂණයෙන් තොරවූ කණ්ඩායමක් පත්කර සියලුම සමාගමට බලපෑම් කරන්න. රාජ්‍ය භාණ්ඩාගාරයට පුරවන්න පනත ගේන්න අරමුණෙන් භාණ්ඩාගාරය හිස් කරන්න එපා.

    Leave a Reply to P.GnanapragasomCancel reply

    spot_img
    spot_img