ආසියානු කුසලානය සඳහා පැවැති සුපිරි වටයේ තරගයකින් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද(09) සමත් වූහ.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමීය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.
විශිෂ්ට පිතිහරඹයක නිරත සධීර සමරවික්‍රම පන්දු හැත්තෑ දෙකක දී ලකුණු 93ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් පන්දු හැත්තෑ තුනකදී ලකුණු 50ක් ලබා ගත්තේය.බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහමඩ් සහ හසන් මහමුඩ් කඩුළු තුන බැගින් බිඳ දැමූහ.
258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන් සියලුදෙනා ලකුණු 236කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මහේෂ් තීක්ෂණ, දසුන් ශානක සහ මතීෂ පතිරණ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
බංග්ලාදේශය වෙනුවෙන් තවුහිත් හිඩෝයි පන්දු අනූ හතක දී ලකුණු 82ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකාව 257/9 (50)
බංග්ලාදේශය 236/10 (48.1)