තවත්
    මුල් පිටුවspecialG20 උඩුයටිකුරු වෙයි - යුක්‍රේන ආක්‍රමණය ගැන නිහඬයි

    G20 උඩුයටිකුරු වෙයි – යුක්‍රේන ආක්‍රමණය ගැන නිහඬයි

    ඉන්දියාවේ නව දිල්ලි නුවර මේවන විට පැවැත්වෙන ජී 20 කණ්ඩායමේ සමුළුවේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළාදැකීමෙන් වැලකී සිටීමට ලෝක නායකයින් කටයුතු කර තිබේ.

    ලොව බලවත්ම රාජ්‍යන් 20 හි නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව ආරම්භ කරමින් ප්‍රකාශයට පතකල සම්මුතිය තුල යුක්‍රේනය වාසිසහගත වන අයුරින් කිසිවක් සඳහන් නොවීම ගෝලීය වශයෙන් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්විය.

    ඒ අනුව මෙම සම්මුතියේදී යුක්‍රේන යුද්ධ සම්බන්ධයෙන් සඳහන් වූයේ භූමියක් අත්පත් කරගැනීමට බලය භාවිතා නොකරන ලෙසට සියලුම රාජ්‍යන්ගෙන් ඉල්ලා සිටින බව පමණකි.

    මේ අතර ජී 20 සභාපතිධූරය දරන ඉන්දියාව නියෝජනය කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සමුළුවේ පළමු දිනයේදී රාජ්‍ය නායකයින්ගේ ප්‍රකාශය සම්මත වූ බව නිවේදනය කළේය.

    කෙසේවෙතත් මෙම එකඟතාවය පැමිණියේ රාජ්‍යනායකින් රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි බෙදීයාමක් පැවති අවස්ථාවකදීය. එහිදී එක් පාර්ශවයක් රුසියානු ආක්‍රමාණය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකරන ලෙසට ඉල්ලා සිටි අතර අනෙක් පාර්ශවය මේ වනවිට පවතින පුළුල් ආර්ථික අභියෝග කෙරෙහි වැඩි අවදානයක්යොමුකරන ලෙස ඉල්ලා සිටිහය.

    මෙම සම්මුතිය සම්බන්ධයෙන් යුක්රේනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ “ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආඩම්බර වීමට කිසිවක් නැත.”බවත්, යුක්‍රේනියානු පැමිණීම සහභාගිවන්නන්ට තත්වය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාදීමට ඉඩ ඇති බවත් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img