තවත්
    මුල් පිටුවspecialජපානයත් සඳ තරණ තරඟයට එක්වෙයි

    ජපානයත් සඳ තරණ තරඟයට එක්වෙයි

    සඳ තරණය කළ පස්වන රට බවට පත්වීමේ අපෙක්ෂාවෙන් ජපානය අද දිනයේ චන්ද්‍ර තරණ තරඟයට එක් වෙමින් සඳ මත ගොඩබෑමක් කළ හැකි යානාවක් සහිත රොකට්ටුවක් අද දින සාර්ථකව අභ්‍යාවකාශගත කළේය.

    අවස්ථා හතරක දීම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ ජපානයේ සඳ තරණ රොක්ට්ටුව අද දින සාර්ථකව අභ්‍යාවකාශගත කළ බව ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) සඳහන් කළේය. ඒ අනුව සැලසුම් කළ පරිදි දකුණු ජපානයේ Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවන් ගත වූ අතර එය සාර්ථකව චන්ද්‍රයාගේ විමර්ශනය සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය (SLIM) මුදා හරින ලදී.

    ජපානය විසින් “සඳ ස්නයිපර්” ලෙස නම් කර ඇති මෙම යානාව, චන්ද්‍ර පෘෂ්ඨය මත සිය ඉලක්කගත ස්ථානයේ සිට මීටර් 100 ක් ඇතුළතගොඩබෑම ඉලක්ක කරයි. ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් වැය කර ඇති මෙම සඳ තරණ යානය එළැනෙ වසරේ පෙබරවාරි මාසය වන විට ගොඩබෑම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සඳහන් කරයි.

    ” චන්ද්‍රයාගේ විමර්ශනය සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය (SLIM) හි විශාල පරමාර්ථය වන්නේ ඉහළ නිරවද්‍යතාවයකින් ගොඩබෑම ඔප්පු කිරීමයි.“ යනුවෙන් ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ සභාපති හිරෝෂි යමකාවා මාධ්‍ය වෙත පැවසීය.

    යානය දියත් කර පැය කිහිපයකට පසු, ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පැවසුවේ යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පෙන්මින් චන්ද්‍රයාගේ විමර්ශනය සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය (SLIM) වෙතින් සංඥා ලැබුණු බවයි.

    ජපානයේ චන්ද්‍රයා ගොඩබෑමේ උත්සාහයන් දෙකක් පසුගිය වසරේ අසාර්ථක විය. ඒහිදී ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ OMOTENASHI ලෑන්ඩරය සමඟ සම්බන්ධතා ගිහිලි ගියේය. ජපානයේ ආභ්‍යාවකාශ ගවේෂණ සහ රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ කරනු ලබන සමාගමක් වන ispace විසින් සාදන ලද Hakuto-R Mission 1 ලෑන්ඩරය අප්‍රේල් මාසයේදී දියත් කළද එය සඳ මතුපිටට බැසීමට උත්සාහ කිරීමේදී කඩා වැටුණි.

    පෘථිවියේ සිට බලන විට අඳුරු පැල්ලමක් ලෙස පෙනෙන චන්ද්‍රයාගේ Mare Nectaris වෙත චන්ද්‍රයාගේ විමර්ශනය සඳහා වන ස්මාර්ට් ලෑන්ඩරය (SLIM) ගොඩබෑමට සැලසුම්කර ඇත. . එහි මූලික අරමුණ වන්නේ උසස් දෘශ්‍ය සහ රූප සැකසුම් තාක්ෂණය පරීක්ෂා කිරීමයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img