තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මා ජනපති කරන්න ඉස්ලාමිය අන්තවාදින් මරාගෙන මැරුණා කීම අතිශය ජුගුප්සාවක්" -චැනල් 4...

    “මා ජනපති කරන්න ඉස්ලාමිය අන්තවාදින් මරාගෙන මැරුණා කීම අතිශය ජුගුප්සාවක්” -චැනල් 4 චෝදනාවට හිටපු ජනපති ගෝඨාභය පිළිතුරු ලියයි

    “මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා යැයි කීම අතිශයින්ම ජුගුප්සාජනක” යැයි හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව සම්බන්ධව විකාශය කර තිබෙන නවතම චිත්‍රපටය ගැන අදහසක් පළ කරමින් අද (07) නිවේදනයක් නිකුත් කර තිබේ.

    චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවත් මිට පෙර චැනල් 4 නාලිකාව විසින් ලංකාවට එරෙහිව විකාශනය කළ චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නක් බවත් අදාළ නිවේදනය ඔස්සේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

    2015 දි ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත්විමෙන් පසු 2019 දි ජනාධිපති ධුරයට පත්වනතුරු තමන් සහ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අතර සබඳතාවක් නොතිබුණ බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නිවේදනයේ පැහැදිලිව දක්වා ඇත.

    2016 දි හමුදා බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කළ සුරේෂ් සලේ එතැන් සිට 2018 දක්වා මැලේසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර් කවුන්සලර් තනතුරෙත්, අදාළ බෝම්බකරුවන් හමුවූවායැයි චිත්‍රපටය පෙන්වාදෙන කාලය වනවිට ඔහු ශ්‍රි ලංකාවේ නොසිටි බවත් චැනල් 4 නාලිකාවට සුරේෂ් සලේ දන්වා ඇතැයි ද අදාළ නිවේදනයේ සඳහන්ය.

    2019 ජනවාරි සිට නොවැම්බර් දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි තමන් 2016-2019 මුළු කාලයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුනු බවත් 2016 දි හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කළ සුරේෂ් සලේ නැවත කිසිදා එම සංවිධානයේ සේවය නොකළ බවත්, නැවත බුද්දි ක්ෂේත්‍රයට ඔහු සම්බන්ධ වූයේ තමන් ජනාධිපති වූ 2019 දෙසැම්බර් මාසයේ සිට බවත් අදාළ නිවේදනය ඔස්සේ හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් FBI ආයතනය වසර දෙකක කාලයක් තුළ කළ විමර්ශන ප්‍රතිඵල ගැන එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව 2021 ජනවාරි 08 වැනිදා කළ නිවේදනය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ ලෑන්ඩ්බර්ග් මහතා වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහ මහතාට පරීක්ෂණ සහය සම්බන්ධයෙන් 2022 අප්‍රේල් 07 එවන ලද පිළිතුරු ලිපියේ උපුටනයන් ද මෙම නිවේදනයට අයත්ය.

    හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(07) දින නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

    එම සම්පූර්ණ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img