තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ලැබෙන අස්වැසුම

    හෙට ලැබෙන අස්වැසුම

    ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාබ වැඩසටහනේ දෙවන අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින්ගේ ගිණුම් වෙත අදාළ මුදල් හෙට(08) දිනය වනවිට බැංකු මගින් බැර කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභින් 257,170 ක් සදහා ජුලි මසට අදාළ රුපියල් මිලියන 1,550 ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

    ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභින් සදහා ගෙවීම් කිරීමට සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇති බව ද හෙතෙම කීය.

    ජුලි මසට අදාල ගෙවීම සිදුකළ පසු අගොස්තු මසට අදාළ ගෙවීම සියළු ප්‍රතිලාභින් සදහා එකවර සිදුකිරීමට හැකියාව පවතී.

    පළමු අදියර ලෙස ප්‍රතිලාභි පවුල් 791,000 කට අදාල රුපියල් මිලියන 5,016 ක් ගෙවා අවසන් ය.

    මේ වනවිට ‘අස්වැසුම’ට අදාළව පවුල් 1,048,170කට රුපියල් මිලියන 6,566 ක මුදලක් රජය ගෙවා ඇත.

    අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img