Home උණුසුම් පුවත් පොලීසියේ දෙන්නෙක් කුඩුකාරයෙක්ව කොල්ලකාලා

පොලීසියේ දෙන්නෙක් කුඩුකාරයෙක්ව කොල්ලකාලා

0
පොලීසියේ දෙන්නෙක් කුඩුකාරයෙක්ව කොල්ලකාලා

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02ක් සමඟ අත්අඩංගුවටගත් මත්කුඩු ජාවාරම්කරුවෙකු සතු මුදල් හා ජංගම දුරකථනයක් කොල්ලකා ජාවාරම්කරුව මුදාහැරි බව කියන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත සහ කොටුව යන පොලිස් ස්ථානවල සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 25,300ක මුදලක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් මෙසේ මත්කුඩු ජාවාරම්කරු සතුව තිබී කොල්ලකා ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය ජූලි 23 හෝ 24 යන දින දෙකෙන් එක් දිනයකදී බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ත්‍රී රෝද රථයකින් පසුගිය රාජගිරිය ප්‍රදේශයට ගොස් සුපිරි වෙළද සංකීර්ණයක් අසලදී මෙම මත්කුඩු ජාවාරම්කරුව අයිස් ග්‍රෑම් 02ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරියා කීය. පසුව ඔහු සතුව තිබුණු මුදල් හා ජංගම දුරකථනය කොල්ලකා ඔවුන් දෙදෙනා පළාගොස් ඇති බව ද එම නිලධාරියා කීය.

මේ ගැන එම මත්කුඩු ජාවාරම්කරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here