Home උණුසුම් පුවත් දයාසිරි ඉවත් කරයි

දයාසිරි ඉවත් කරයි

දයාසිරි ඉවත් කරයි

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

“සභාපති මෛත්‍රීපාල සිරිසේන මගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවා මා මහලේකම් ධූරයෙන් ඉවත් කළ බව මට දන්වා ඇත. මම කවදත් පක්ෂයට පක්ෂපාතීව කටයුතු කළ අතර ජනතාව වෙනුවෙන් සාමූහික තීරණයක් ගන්නා ලෙස පමණක් පක්ෂයෙන් ඉල්ලා සිටිමි” යැයි මන්ත්‍රීවරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටී.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ අත්සනින් යුතුව, මන්ත්‍රීවරයා වෙත යවන ලද ඊට අදාළ ලිපියේ සඳහන්ව ඇත්තේ, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවය.

ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව වෙත ද මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇත.

ඊට අදාළව හුවමාරු වූ ලිපි පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here