Home උණුසුම් පුවත් තවමත් ඇතැම් ගංවල පතුල පෙනෙද්දී සමහර ගංගා පිරී යයි

තවමත් ඇතැම් ගංවල පතුල පෙනෙද්දී සමහර ගංගා පිරී යයි

තවමත් ඇතැම් ගංවල පතුල පෙනෙද්දී සමහර ගංගා පිරී යයි

පවතින වැසි තත්ත්වයෙන් දිවයිනේ ඇතැම් ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඊයේ (04) දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවීය.

ඒ හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරයි.

නමුත්, වැසි තත්වයේ වැඩිවීමක් ඇත්නම් ජලාශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ජල මට්ටම ඉහළ ගොස් ඇති ගංගාවල ඉදිරි කාලයේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියව පවතී.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට, විශේෂයෙන් නිරිතදිග කොටස් හැරුණු විට අනෙක් ප්‍රදේශවලට මේ දක්වා සැලකියයුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජලාශවල ජලමට්ටමේ වර්ධනයක් වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here