Home උණුසුම් පුවත් “මම එනවාමයි” -සජිත්

“මම එනවාමයි” -සජිත්

“මම එනවාමයි” -සජිත්

ඉදිරි ජනාධිපතිවරණයටතමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැමුන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ සිය ජීවිතයට තර්ජනයක් ඇති නිසාදැයි සැක සහිත බවය.

කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට අද (03) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී විපක්ෂනායකවරයා මෙසේද පැවසුවා.

“දැන් ළඟදි ඉඳලා රජයේ නියෝජිතයෝ කොට්ඨාසයක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අලුත් ප්‍රතිපත්තියක් මවාපානවා, රනිල් ජනාධිපතිකමට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නෑ කියලා.

මෙහෙම කියන්නේ, මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ගෝඨාභය රාජපක්ෂ සමඟ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කරලා, මාව පරද්දන්න කටයුතු කරපු කට්ටිය.

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.

ඒකේ කතා දෙකක් නෑ.ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මම ජීවතුන් අතර ඉන්න ඕනේ. සජිත් ඉල්ලන්නේ නෑ කියන්නේ ව්‍යංගාර්ථයෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ද කියලා මට හිතෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here