fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියඟයෙන් අක්කර 60,000ක වගා විනාශයි

    නියඟයෙන් අක්කර 60,000ක වගා විනාශයි

    දැඩි නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 60,503ක් හානී වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ හේතුවෙන් ඉන් ගොවීන් 55,951 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් ය.

    ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තා වන වගා හානි ප්‍රමාණය අක්කර 4,479 කි.

    මේ වනවිට වැඩිම වගා හානි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර , එම ප්‍රමාණය අක්කර 26,644 ක් බව සඳහන් ය.

    දෙවනුව උඩවලව ප්‍රදේශයෙන් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වෙයි.

    එම ප්‍රමාණය අක්කර 14,667 කි.

    ඔබේ අදහස් දක්වන්න.