Home special වැස්සට සේදුණු තරගයෙන් පාකිස්ථානය සුපිරි වටයට

වැස්සට සේදුණු තරගයෙන් පාකිස්ථානය සුපිරි වටයට

0
වැස්සට සේදුණු තරගයෙන් පාකිස්ථානය සුපිරි  වටයට

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ආසියා කුසලාන 2023 යටත් ඊයේ (02) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.5ක දී සියලු දෙනා දැවී ලකුණු 266ක් ලබා ගත්තේය. හර්දික් පාණ්ඩ්‍යා සහ ඉෂාන් ක්‍රිෂාන් එක්ව මුලින් කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩගත්හ. පාණ්ඩ්‍යා ලකුණු 87ක් හා ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 82ක් ලබා ගත්හ.

පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහේන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් දවා ලූ අතර ඔහු සමඟ ඉන්දීය ඉනිමේ කඩුලු ලැබූ නශීම් ෂා කඩුලු 3ක් හා හරිස් රාවුෆ් කඩුළු 3ක් බිඳ හෙළුහ.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් පාකිස්ථානයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණි. ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර එම නිසා අභියෝගයකින් තොරවම සුපිරි 4 දෙනාගේ වටයට යාමට පාකිස්ථානයට හැකිවිය.

අද සවස 3ට ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතර තරගය පාකිස්ථානයේ ලාහෝර් හි දී පැවැත්වෙයි.

ඉන්දියාව 266/10 (48.5)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here