තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාධ්‍ය හැඳුනුම්පත මෙරටට හඳුන්වා දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරියගේ අවසන් ගමන

    මාධ්‍ය හැඳුනුම්පත මෙරටට හඳුන්වා දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරියගේ අවසන් ගමන

    අභාවප්‍රාප්ත හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකා මානෙල් අබේරත්න මහත්මියගෙ අවසන් කටයුතු අද(02) දින පෙ.ව 11.00 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරනු ලබයි.

    1982 සිට 1988 දක්වා රජයේ ප්‍රවෘත්ති ⁣අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කල ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියකි.

    1983 වසරෙ පැවති ජාතිවාදී කලබල පැවති අවස්ථාවේදී රජය ප්‍රවෘත්ති පාලනයක් ප්‍රකාශයට පත්කල අතර එහි නිසි බලධාරි ලෙස කටයුතු කලේද මානෙල් අබේරත්න මහත්මියයි.

    මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා මාධ්‍ය හැඳුනුම්පත හඳුන්වා දුන්නේ ද අබේරත්න මහත්මිය විසිනි.

    ඇය ඥානාර්ත ප්‍රදීපය පුවත්පතේ කතුවරිය ලෙසද කටයුතු කල අතර
    ඇය දරුවන් දෙදෙනකුගේ මවක් වේ.

    අබේරත්න මහත්මියගේ දේහය කොළඹ ඒ.එෆ් රේමන් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කොට ඇත.

    අවසන් කටයුතු 2වන සෙනසුරාදා පෙරවරු 11 ට කොලඹ බොරැල්ල කනත්⁣තේදි සිදුකරනු ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img