Home උණුසුම් පුවත් නීතිපතිවරයා කියූ පාස්කු විමර්ශනයේ අඩුපාඩු මොනවාදැයි ඇමැති සරත් රහස් පොලිසියෙන් වාර්තාවක් කැඳවයි

නීතිපතිවරයා කියූ පාස්කු විමර්ශනයේ අඩුපාඩු මොනවාදැයි ඇමැති සරත් රහස් පොලිසියෙන් වාර්තාවක් කැඳවයි

නීතිපතිවරයා කියූ පාස්කු විමර්ශනයේ අඩුපාඩු මොනවාදැයි ඇමැති සරත් රහස් පොලිසියෙන් වාර්තාවක් කැඳවයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්පූර්ණ නැතැයි පවසමින් නීතිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම විමර්ශන තත්ත්වය පිළිබඳ වහාම වාර්තාවක් කැඳවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 32 නෙකු සම්බන්ධයෙන් උදෘත ගොනු 8ක් මාස කිහිපයකට පෙර නීතිපතිවරයා වෙත අධිචෝදනා ගොනු කිරීම සඳහා ඉදිරිපත් කළ බවයි.

ගෙවුණු මාස කිහිපය පුරාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් ඒ පිළිබඳ කටයුතු කරන ලද්දේ නීතිපතිවරයාගේ නිලධාරීන් සමඟ බව ද හෙතෙම කියා සිටී.

නීතිපතිවරයා මෙම ප්‍රකාශය මගින් අදහස් කර ඇත්තේ සැකකරුවන් කිහිප දෙනෙක් පිළිබඳව ද ඒ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලිව තමා කැඳවූ වාර්තාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි ඇමැතිවරයා කීය.

එම වාර්තාව අද අද පස්වරුවේ හෝ හෙට උදෑසන තමා අතර පත්වනු ඇතැයි ඇමැතිවරයා අපේක්ෂා කරයි.

තමා දන්නා පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහත උධෘත ගොනු සකස් කරන ලද්දේ දිවාරෑ නොබලා වෙහෙසී බවත් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීම සඳහා ජනාධිපති කොමිසමේ වාර්තාව අපේක්ෂාවෙන් සිටි අතර එය ද මීට මාස දෙකකට පමණ පෙර ලැබුණු බවත් ඇමැතිවරයා සිහිපත් කළේය.

අවසාන මොහොතේ නීතිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීමේ හේතුව කුමක්ද යන්න පිළිබඳ තමාට දැනගැනීමට අවශ්‍යතාව ඇතැයි ඇමැතිවරයා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද උදෑසන කොලොන්නාව ගංවතුර පාලනය හා විපතට පත් ජනතාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් හා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here