තවත්
    මුල් පිටුවspecialටිව්ටර් පරිශීලකයින්ගේ මුහුණු හොරාගනී

    ටිව්ටර් පරිශීලකයින්ගේ මුහුණු හොරාගනී

    මීට පෙර ට්විටර් ලෙසින් හැදින් වූ ලොව ධනවත්ම පුද්ලගලයින්ගෙන් එක් අයෙකු වූ ඊලොන් මස්ක් හිමිකාරිත්වය දරන ‘X’ සමාජ මාධ්‍ය ජාලය විසින් සිය නව ආරක්ෂණ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමේදී සිය පරිශීලකයන්ගේ මුහුණේ ඡායාරූප ඇතුළු ජෛවමිතික දත්ත රැසක් එක් කිරීමට නියමිතය.

    ඒ අනුව එක්ස් සමාජ ජාලයේ විශේෂ සේවාවන් සදහා ලියාපදිංචි වී ඇති පරිශීලකයන්ගේ තොරතුරු තහවුරු කරගැනීම සඳහා සේල්ෆි ඡායාරූපයක් සහ ඡායාරූය සහිත හැඳුනුම්පතක් ලබා දීමට හැකිව පවතී. එමෙන්ම එක්සත් ජනපදය විසින් පරිශීලකයින්ගේ රැකියා සහ අධ්‍යාපන ඉතිහාසය පිළිබඳවද දත්ත එකතු කළ හැකි බව ද අදාල ප්‍රතිපත්තියේ සඳහන් වේ.

    සමාගම සඳහන් කරන අන්දමට මෙම නව අධ්‍යාපන සහ රැකියා සම්බන්ධයෙන් වූ දත්ත ලබාදීම මගින් පරිශීලකයින්ට නව රැකියා අවස්ථා සොයා ගැනීමටත් රැකියාවකට අයැදුම් කරන විට රැකියා යෝජකයින් හට අදාල අයැදුම්කරු පිළිබඳ පහසුවෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාවද ලැබෙන බවයි.

    ඒ අනුව මම නව ප්‍රතිපත්ති සැපැතැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද එක්ස් සමාගම සඳහන් කරයි. වාර්තා වලට අනුව, මැයි මාසයේදී එක්ස් වසින් Laskie නම බඳවා ගැනීමේ සේවාවක් අත්පත් කර ගන්නා ලදී.

    ඒක්ස් සමාගමට අනුව, ජෛවමිතික දත්ත එකතු කිරීම යටතේ පරිශීලකයින්ගේ මුහුණේ හැඩය ස්කෑන් කිරීම හෝ ඇඟිලි සලකුණ වැනි පුද්ගලයෙකුගේ භෞතික ගුණාංගවලට අදාළ දත්ත ආවරණය කරන දෑ ‍භාවිතා කිරීමටද අපේෂිතය.

    එක්ස් ඉදිරියේදී සියලුම පහසුකම් සපයන ජංගම දුරකථන යොදුමක් බවට පත් කිරීමට අපෙක්ෂා කරන බවට වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img