Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපති අමෙරිකානුවන් එක්ක පෙරහැර නරඹයි

ජනපති අමෙරිකානුවන් එක්ක පෙරහැර නරඹයි

ජනපති අමෙරිකානුවන් එක්ක පෙරහැර නරඹයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ රාත්‍රියේ එක් විය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියහ.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද පෙරහැර නැරඹූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here