තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසාවි තහනමක් තිබියදී ඉන්දියාවට පැන්න අයෙක් ආපසු ගෙන්වූ හැටි

    උසාවි තහනමක් තිබියදී ඉන්දියාවට පැන්න අයෙක් ආපසු ගෙන්වූ හැටි

    ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන්ට හොරෙන් ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් අද සමත් වූහ.

    යාපනය ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ රාත්‍රී 11.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මුම්බායි නුවරට ගොස් තිබිණ.

    මෙම පුද්ගලයා ආගමන විගමන කවුළු මගහැර යනු ඔස්ට්‍රේලියානු ජාතික මගී කාන්තාවක් දැක ඒ බව ආගමන විගමන බලධාරීන්ට පෙන්වාදී තිබේ.

    පසුව ඔහු ගැන තොරතුරු ලබාගෙන, ඒ බව ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන් ගමන් බලධාරීන්ට දන්වා යැවීමෙන් පසුව ගුවන් යානයෙන් එළියට බසින අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බවද කටුනායක ගුවන්තොටුපල බලධාරීහු සඳහන් කරති.

    මෙම ගුවන් මගියා ගුවන්තොටුපල ආගමන විගමන කවුළු වෙත නොපැමිණෙන තිබුණද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි ව්‍යාජ ලෙස කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන මුද්‍රාව සටහන්ව තිබූ බව ද ඔවුහු සඳහන් කරති.

    මොහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img