Home උණුසුම් පුවත් පොලිස් SI කුකුල් මස් හොරකම් කරලා

පොලිස් SI කුකුල් මස් හොරකම් කරලා

0
පොලිස් SI කුකුල් මස් හොරකම් කරලා

කිරිදිවැල පොලීසියේ භෝජනාගාරයේ ශීතකරණයේ තිබුණු කුකුල් මස් කිලෝ 02ක් සොරාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුව කිරිදිවැල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

භෝජනාගාරයේ පාලක පොලීස් නිලධාරියා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

මෙම සොරකම මෙම නිලධාරියා විසින් කර ඇත්තේ පසුගිය 16 වෙනිදා බව පොලීසිය කියයි.

හිස් වැසුම් නොමැතිව සිය දියණියව යතුරුපැදියේ රැගෙන ගිය පියෙකුගෙන්ද මෙම නිලධාරියා විසින් පසුගිය ජුනි 18 වෙනිදා රුපියල් 1000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් කිරිදිවැල පොලීසියට ලැබී තිබී ඇත. ඒ සම්බන්ධයෙන්ද මෙම නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here