තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකු අධිපති සාකච්ඡාවට එද්දී විරෝධතාකරුවන් 'අද බෑ' කියලා

    මහබැංකු අධිපති සාකච්ඡාවට එද්දී විරෝධතාකරුවන් ‘අද බෑ’ කියලා

    කොළඹ කොටුව ඉදිරිපිට දී අද විරෝධතා දැක්වූ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස පැවසූ පිරිස ඉල්ලා සිටි සාකච්ඡාවට පැමිණීමට මහබැංකු අධිපතිවරයා වේලාවක් වෙන්කර දුන්නද ඔවුන් එම සාකච්ඡාවට අද දින පැමිණීමට නොහැකි බව දැන්වූයේ යැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    මහබැංකුව විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

    අද(28) දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී.

    එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

    ඒ අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සහ ඒ තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දැනට පවතින ශේෂය සුරක්ෂිත වන්නේ කෙසේද, සහ ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් පසුගිය වසරවලදී ලබා දුන් ප්‍රතිලාභ දේශීය ණය ප්‍රශස්තකරණය තුළින්ද ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබූ පිරිසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් කරුණු පැහැදිලි කරගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img