Home උණුසුම් පුවත් අද ඉඳන් ඉරත් හරි කෙලින් – වැස්සකුත් එන ලකුණු

අද ඉඳන් ඉරත් හරි කෙලින් – වැස්සකුත් එන ලකුණු

අද ඉඳන් ඉරත් හරි කෙලින් – වැස්සකුත් එන ලකුණු

අද(28) සිට සැප්තැම්බර් 07 දක්වා දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අද දින (28) දහවල් 12:11ට කොවිලන් තුඩුව සහ මල්ලාකම් (යාපනය දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here