Home special කතර දැවෙයි – UAE උණුසුම 50°C පනී

කතර දැවෙයි – UAE උණුසුම 50°C පනී

කතර දැවෙයි – UAE උණුසුම 50°C පනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වසරේ උණුසුම්ම දිනය ගෙවුණු පැය 24 වාර්තා කර තිබේ.

එරට උණුසුම උෂ්ණත්වමානයේ සෙල්සියස් අංශක 50.8ක් ලෙස සටහන් කර ඇත.

ති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ සතියේ මග්ගි තත්ත්වය දිගටම පවතිනු ඇත.

ඊයේ පස්වරුව වනවිට ඔව්ටෙඩ් නගරයේ උෂ්ණත්වය 50.8°C දක්වා ඉහළ ගිය බව එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසා ඇත.

දකුණු මෙසයිරා නගරයේ 49.8°Cක ඉහළ උෂ්ණත්වයක් වාර්තා වූ අතර දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල අවම වශයෙන් තවත් නගර තුනක් 49.3°C ලෙස ඉහළ ගොස් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල වාතයේ ආර්ද්‍රතා මට්ටම උපරිම වශයෙන් සියයට 90 දක්වා ළඟා විය.

වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල මීදුම ඇති විය හැකි අතර බදාදා දක්වා ඇදෙන මෙම කාලගුණය ලබන ඉරිදා රාත්‍රිය දක්වා පවතිනු ඇති බව කාලගුණ කාර්යාංශය පවසයි.

යුරෝපයේ තාප තරංගවලටත් මැදපෙරදිග ආර්ද්‍රතා මට්ටම ඉහළ යාමටත් හේතුව ග්‍රහලෝකය උණුසුම් වීම බව විද්‍යාඥයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here