තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිරමීඩ බිස්නස් කළ අයට වැඩ වරදී

    පිරමීඩ බිස්නස් කළ අයට වැඩ වරදී

    පිරමීඩ ජාවාරම් මෙහෙයවූ ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මෙරට තුළ වරින් වර විවිධ ආකාරයෙන් මතුවී ජනතාව නොමඟ යවමින් විශාල ලෙස මුදල් වංචා කරන පිරමීඩ ජාවාරම් පිළිබඳ දැඩි නීතිමය රාමුවක් යටතේ කටයුතු කිරීමට මේ වනවිට රජය පියවර ගෙන තිබේ.

    ඒ අනුව එවැනි ජාවාරම්වලට හසුවූ ජනතාවගෙන් ලද පැමිණිලිවලට අනුව විමර්ශනය කොට පිරමීඩි ව්‍යාපාර පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව කටයුතු කරමින් සිටී.

    පසුගියදා එවැනි පිරමීඩ ආයතන කිහිපයක් පිළිබඳ මහබැංකුව මෙසේ නිවේදනය කර තිබුණි.
    මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත.

    • ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට අනුකූලව ආයෝජකයින්ගේ අරමුදල් යෝජනා ක්‍රමය ආරක්ෂා කරන බව.
    • යෝජනා ක්‍රමය මගින් අදාළ බදු මුදල් රජයට ගෙවන බව.
    • යෝජනා ක්‍රමයට සහභාගිවන්නන්ගේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුද්ගලික මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආදායම් බද්දක් ගෙවිය යුතු අතර එසේ නොකලහොත්, ඔවුන්ගේ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් හිටුවන බව.
    • මෙම යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරන බව.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන අතර මෙම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී සහ නියාමනය කරනු ලබන ආයතනයන්හි ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ සහ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර පහත සදහන් සබැඳි හරහා ප්‍රවේශ විය හැකිය.

    බලයලත් මූල්‍ය ආයතන
    විදේශ විනිමය දෙපාර්තමේන්තුව

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img