Home උණුසුම් පුවත් සාපෙළ විභාග ඇගයීම්වලට ගිය ගුරුවරුන්ට නිවාඩුවක්

සාපෙළ විභාග ඇගයීම්වලට ගිය ගුරුවරුන්ට නිවාඩුවක්

සාපෙළ විභාග ඇගයීම්වලට ගිය ගුරුවරුන්ට නිවාඩුවක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු දීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2023-08-18 දින සිට 2023-08-27 දින දක්වා පැවත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා ලබන 28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිතය.

මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා එම නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here