fbpx
තවත්
    මුල් පිටුවspecialඉන්දියාව සහ චීනය මිත්‍රත්වයේ දෑත් දිගුකරයි

    ඉන්දියාව සහ චීනය මිත්‍රත්වයේ දෑත් දිගුකරයි

    ඉන්දීය සහ චීන නායකයන් අතර පැවති සංවාදයකින් පසු දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කළ දේශසීමා සම්බන්ධ උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට එකඟ වූ බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙක් පැවසූ බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං බදාදා දිනයේ දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රික්ස් සමුළුවට එක් වූ අවස්ථාවේදී ඊට සමගාමීව පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව සාකච්ඡා කර ඇත. සාකච්ඡාව සම්බන්ධයෙන් බීජිං පාලනය සඳහක් කර සිටියේ ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

    ලොව විශාලතම ආර්ථිකයන් දෙකක් මෙන්ම න්‍යෂ්ටික බලවතුන් වන චීනය සහ ඉන්දියාව කිලෝමීටර් තුන්දහස් හාරසිය හතලික දිගකින් යුත් දේශසිමවක් බොදා ගන්නා අතර එහිදී ඇති වූ යම් තත්ත්වයන් හේතුවෙන් දෙපාර්ශවයේම ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ යොදවා ඇත.

    මේ අතර බ්‍රහස්පතින්දා දිනයේ ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා කියා සිටියේ දේශසීමා දිගේ යොදාවා ඇති භට පිරිස් විසුරුවා හැරීමේ උත්සාහයන් වේගවත් කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.

    “ඉන්දියා-චීන සබඳතාව සාමාන්‍යකරණය කිරීම සඳහා දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය පවත්වා ගැනීම සහ දේශසීමා නිරීක්ෂණය කිරීම සහ ගරු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය,” යනුවෙන් ක්වාට්‍රා පැවසීය.

    මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නායකයින් දෙදෙනා “වර්තමාන චීන-ඉන්දියා සබඳතා සහ හවුල් උනන්දුවක් ඇති අනෙකුත් ප්‍රශ්න පිළිබඳව අවංක හා ගැඹුරු අදහස් හුවමාරු කර ගත්” බවයි.
    එමෙන්ම “චීන-ඉන්දියා සබඳතා වැඩිදියුණු කිරීම දෙරටේ සහ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා සේවය කරන බවත්, එය ලෝකයේ සහ කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනයට ද හිතකර බවත්, ජනාධිපති ෂී අවධාරණය කළේය,” යනුවෙන්ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

    ඒ අනුව ඉන්දියාව සහ චීනය යම් පොදු මතයකට පැමිණීමට සමත්වුවහොත් සහ දෙරටම බ්‍රික් රටවල් වශයෙන් ඉදිරියටත් කටයුතු කිරීමටත් පියවර ගතහොත් දැනටමත් යම් ආකාරයකින් බිදී ගොස් ඇති බටහිර බලවේග යටපත් කරමින් නව ගෝලීය බලතුලනයක් ඇති කිරීමට මෙම නව තත්ත්වය විශාල පිටුවහලක් වනු ඇත.

    ඔබේ අදහස් දක්වන්න.