Home special ගාල්ලෙ කොල්ලොම කැන්ඩි අවසන් තරගයට ගෙනයයි

ගාල්ලෙ කොල්ලොම කැන්ඩි අවසන් තරගයට ගෙනයයි

0
ගාල්ලෙ කොල්ලොම කැන්ඩි අවසන් තරගයට ගෙනයයි

ලකුණු 34කින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරාජය කළ බී-ලව් කැන්ඩි කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ (19) රාත්‍රි සුසුදුකම් ලබා ගත්හ.

බී.ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කරන ගාලු ක්‍රීඩකයන්වන වනිඳු හසරංග, චතුරංග ද සිල්වා සොහොයුරන් මෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය.

ඒ අනුව අද(20) රාත්‍රි පැවැත්වෙන අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී.ලව් කැන්ඩි කණ්ඩායම එල්.පී.එල් කුසලානය වෙනුවෙන් තරග වදිනු ඇත.

පළමුව පන්දුවට පහර දුන් බී.ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 157ක් ලබා ගත්හ. වනිදු හසරංග ලකුණු 48ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 38ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ.

ලකුණු 158ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123ක් පමණි. වනිදු හසරංග, චතුරංග ද සිල්වා, මොහොමඩ් හස්නයින් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.

බී.ලව් කැන්ඩි 157/7 (20)

ගෝල් ටයිටන්ස් 123/8 (20)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here