රුපියල් ලක්ෂ 250ක් වටිනා රන් ජෙල් අඩංගු කරල් තුනක් සිය ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවට යාමට සූදානම් වූ ගුවන් මගියෙකුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන්ට හසුවී තිබේ.
කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 29 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රන් ජෙල් වල බර කිලෝ 1යි ග්‍රෑම් 280ක් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත සිල්වා මහතා සඳහන් කළේය.