ගංජා භාවිතය සහ විකිණීමට අවසර දෙමින් ජර්මානු රජය මතභේදාත්මක පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
ජර්මනියේ කැබිනට් මණ්ඩලය පසුගිය බදාදා මෙම පනත් කෙටුම්පත අනුමත කළ අතර පනත සම්මත කිරීමෙන් පසු එරට තුළ සුළු වශයෙන් ගංජා ළඟ තබාගැනීම හෝ අලෙවියට වැඩිහිටියන්ට අවකාශය හිමිවනු ඇත.
මේ ඔස්සේ මරිජුවානා හෙවත් ගංජා භාවිතය සහ වගාව නීතිගත කෙරෙන අතර එය යුරෝපයේ වඩාත්ම ලිබරල් ගංජා නීතිවලින් එකක් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ සමඟම ගංජා නීතිගත කිරීම ලෝක ව්‍යාප්ත ප්‍රවණතාවක් සඳහා තවදුරටත් වේගවත් විය හැකි බව ද විශ්ලේෂකයන්ගේ මතයයි.
කළු කඩ අලෙවිකරුවන් මර්දනය කිරීමේ උත්සහයක් ලෙසත්, දූෂිත නිෂ්පාදනවලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ අවම කිරීමට ජර්මානුු රජය උත්සාහ කරන බැවින් මිනිසුන්ට ගංජා පැල තුනක් දක්වා වගා කරගැනීමට ද මෙමගින් අවකාශයට ලබාදී ඇත.
මෙම පනත සම්මත වීමෙන් පසු වැඩිහිටියන්ට ගංජා ග්‍රෑම් 25 (අවුන්ස 0.88) දක්වා සන්තකයේ තබා ගැනීමට, උපරිම පැල තුනක් වගා කිරීමට හෝ ලාභ නොලබන සමාජ ශාලාවලට ගංජා ලබා ගැනීමට ඉඩ සලසයි.
කෙසේවෙතත් ඉදිරියේදී ගංජා භාවිතයෙහි අවදානම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, පරිභෝජනය සීමා කළ යුතු බවටද එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.