Home special වනිඳු ජැෆ්නා කිංග්ස් ගෙදර යවයි

වනිඳු ජැෆ්නා කිංග්ස් ගෙදර යවයි

0
වනිඳු ජැෆ්නා කිංග්ස් ගෙදර යවයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 61ක ජයක් ලැබීමට බී ලව් කැන්ඩි කණ්ඩායම අද(17) රාත්‍රි සමත්විය.

ඒ අනුව පසුගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තවදුරටත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉදිරියට යාමට තිබූ අවස්ථාව අහිමි වේ.

පළමුව පන්දුවට පහරදුන් බී.ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගත්හ. මොහොමඩ් හාරිස් පන්දු හතළිස් නවයක දී රැස් කළ ලකුණු 79 සහ දිනේෂ් චන්දිමාල් පන්දු විසි හතරකදී රැස්කළ ලකුණු 41ක ඒ අතර කැපී පෙනේ.

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 127කට සීමා කිරිමට වනිඳු හසරංග ප්‍රමුඛ බි.ලව් කැන්ඩි ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ වීරයා සම්මානය ලකුණු 9කට කඩුළු 6ක් දවා ගත් වනිඳු හසරංගට හිමිවිය.

බී.ලව් කැන්ඩි 188/8 (200

ජැෆ්නා කිංග්ස් 127 (17.2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here