තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වැස්ස නිසා ජීවිත 4ක් බිලිවෙයි - 11000ක් පීඩාවට

    වැස්ස නිසා ජීවිත 4ක් බිලිවෙයි – 11000ක් පීඩාවට

    අයහපත්‌ කාලගුණ තත්ත්වය හේතුවෙන්‌ පුද්ගලයන්‌ 04 දෙනෙකු මියගොස්‌ පවුල්‌
    2750කට අයත්‌ පුද්ගලයින්‌ 11,542ක්‌ ආපදා තත්ත්වයට ලක්ව තිබේ.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන්‌ කළේ අර්ධ නිවාස හානි 205ක්‌ වාර්තා වන අතර, පවුල්‌ 42කට අයත්‌
    පුද්ගලයින්‌ 175 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි.

    පසුගිය දින කිහිපයේ මිලිමීටර්‌ 200 ඉක්ම වූ වැසි තත්ත්වයක්‌ දිවයිනේ ඇතැම්‌ ප්‍රදේශවලින්‌ වාර්තා වූ අතර ජලාශ ආශ්‍රිත ජනතාවට ගංවතුර තත්ත්වයක් මතුවිය.

    ජල මට්ටම්‌ ඉහළ ගිය කැළණි, කළු, නිල්වලා සහ අත්තනගලුඔයේ ජල මට්ටම්‌ පහත බසිමින්‌ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්‌ කරයි.

    කෙසේ වෙතත්‌, පහළ ජල පෝෂක කලාපවල ගං වතුර තත්ත්වයක්‌ තවදුරටත් පවතී.

    පවතින වැසි සහි කාලගුණ තත්ත්වයේ අඩුවීමක්‌ අද (15) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා
    දෙපාර්තමේන්තුව පවසයි.

    අද (15) දිනයේ මිලිමීටර්‌ 75ක්‌ පමණ වූ වැසි අපේක්ෂා කරන බව එම
    දෙපාර්තමේන්තුව සදහන්‌ කළේය.

    දිස්ත්‍රික්ක 06කට පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන අද රාත්‍රී 7
    දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර
    තිබේ.

    ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාම්‌ අනතුරු නිවේදනය බලපැවැත්වෙනු ඇති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img