Home උණුසුම් පුවත් ලංකාව දිළිඳුබවින් මුදාගන්න සහයදෙන්න චීනය සූදානම්

ලංකාව දිළිඳුබවින් මුදාගන්න සහයදෙන්න චීනය සූදානම්

ලංකාව දිළිඳුබවින් මුදාගන්න සහයදෙන්න චීනය සූදානම්

ශ්‍රී ලංකාව දිළිඳු බවින් මුදා, කාර්මීකරණ ක්‍රියාදාමය හා කෘෂි නවීකරණ සංවර්ධනයට සහාය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ චීනයේ කුමිංහි පැවැත්වෙන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට එක්ව සිටින අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ(16) පැවැති හමුවේදී ය.

තම රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට දක්වන සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා චීනයට තම කෘතවේදීත්වය පළ කළේය. ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය මුලපිරුම්, ශ්‍රී ලංකාව චීනය සමග එක්ව අනුගමනය කරන බව ද හෙතෙම පැවසීය. දෙරට ආර්ථික හා වෙළඳ ආයෝජන ඇතුළු සහයෝගිතා පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

ශ්‍රී ලංකාව චීනය කෙරෙහි අඛණ්ඩ මිත්‍රශීලී ආකල්පයක් දැරීම චීනය අගය කරන බව විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කළේය. චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා බැඳුණු කටයුතුවල දී ශ්‍රී ලංකාව චීනයට සහාය දැක්වීම ද ඔහුගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාව සමග එක්ව, රාජ්‍ය පාලන අත්දැකීම් පිළිබඳ අදහස් හුවමාරු හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු කිරීමට චීනය සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ණය ගැටළුව ඇතුළු අර්බුදවලට ප්‍රායෝගික අයුරින් මුහුණදීම සඳහා ද චීනය සහාය දක්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here