Home උණුසුම් පුවත් මුදල් අමාත්‍යාංශයේ විදුලි පහනක් ගිනිඅරන් -ගිනිනිවන රථත් කැඳවලා

මුදල් අමාත්‍යාංශයේ විදුලි පහනක් ගිනිඅරන් -ගිනිනිවන රථත් කැඳවලා

0
මුදල් අමාත්‍යාංශයේ විදුලි පහනක් ගිනිඅරන් -ගිනිනිවන රථත් කැඳවලා

මුදල් අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලෙහි දෙවැනි මහලේ සවිකර ඇති විදුලි පහනක් අද සවස ගිනි ගෙන තිබේ.

විදුලි පහන සවිකර ඇති වයරයත් එහිදී ගිනි ගැනීමට ලක්ව ඇති අතර ඒ ක්ෂණිකව ගිනි නිවීමේ ද්‍රව්‍ය යොදා එය නිවා දමා ඇත.

ඒ අතර කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට මේ බව දැනුම්දීම හේතුවෙන් ගිනි නිවීමේ රථ තුනක් ගින්න නිවා දැමීමට එහි පැමිණ තිබේ.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි පැමිණ පරීක්ෂාකර බලා වෙනත් ගිනි ගැනීමක් ගොඩනැගිල්ල තුළ නොමැති බව තහවුරුකර පිටව ගොස් ඇත.

විදුලි බල මණ්ඩලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ඒකකයක්ද එම ගොඩනැගිල්ල තුළ ස්ථාපිතය.

එම ඒකකයේ නිලධාරීන්ද මෙම ගින්න හටගත් ස්ථානය පරීක්ෂාකර බලා ගින්න විදුලි කාන්දුවකින් හටගෙන ඇති බව තහවුරුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here