fbpx
තවත්
    මුල් පිටුවspecialහිටපු පෙම්වතියගේ ෆොටෝ ප්‍රසිද්ධ කළ අයකුට ‍උසාවියෙන් ලොකු දඩයක්

    හිටපු පෙම්වතියගේ ෆොටෝ ප්‍රසිද්ධ කළ අයකුට ‍උසාවියෙන් ලොකු දඩයක්

    තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හළ ඇමරිකානු ජාතිකයෙකුට එරට අධිකරණයක ජූරියක් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී විභාගයකට ගැනුණු නඩුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජූජිය විසින් මෙම නියෝගය කර ඇත. අගතියට පත් අදාල කාන්තාවගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ඇයගේ නමේ මුල් අකුරු වන ඩී.සහ එල් වලින් ඇයව හදුන්වා ඇති අතර එහිදී ඇය බරපතල ලෙස අසාධාරනයක් සහ අන්තර්ජාලය ඔස්සේ අඩත්තේට්ටම් වලට ලක්වීමට සිදුව ඇති බවද ජූරිය විසින් තීරණය කර ඇත.

    මෙම කාන්තාව විසින් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ සිය හිටපු පෙම්වතා විසින් ඇගේ අවසරයකින් තොරව ඇගේ පුද්ගලික ඡායාරූප අන්තරජාලයේ පළකර ඇති බවයි. එහිදී අදාල පුද්ගලයා එම කාන්තාව ජීවත් වූ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල මගින් ලබාගත් ඡායාරූපද යොදාගන ඇති බවට පැමිණීකාර කාන්තාව චෝදනා කර තිබිණි.

    චෝදනාවට ලක්වූ පුද්ගලයා විසින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ අදාල ඡායාරූප අන්තර්ජලාය පුරා බෙදා හැර ඇති බවත් එහිදී එම ඡායාරූප අදාල කාන්තාවගේ සේවා ස්ථානයේ සිටින පිරිසට සහ පවුලේ සාමාජිකයින්ට යවා ඇති බවටද චෝදනා එල්ල විය.

    මෙම සිද්ධීය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාල කාන්තාවගේ නීතිඥයින් වොෂින්ටන් පොස්ට් වෙත ප්‍රකාශ කර ඇත්තේ, ඇයගේ හිටපු පෙම්වතාගේ හිරිහැර පිළිබඳ අවස්ථා ගණනාවකදී නිසි බලධාරීන්ට පැමිණි කළද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ බවයි. ඒ අනුව තමන්ට වූ අගතිය සම්බන්ධයෙන් සිවිල් අධිකරණයේ නඩු පැවරීමට තම සේවාදායිකාව පියවර ගත් බව නීතිඥයින් පවසයි.

    2015 වර්ෂයේදී ටෙක්සාස් සම්මත වූ නීතියකට අනුව පුද්ගලයෙකුගේ අවසරයකින් තොරව සමීප සහ පුද්ගලික දෘශ්‍ය ද්‍රව්‍ය ඔවුන්ට හානි කිරීමේ සහ පළිගැනීමේ චේතනාවෙන් බෙදාගැනීම අපරාධයක් ලෙස හඳුන්වා ඇත. ඒ අනුව අදාල චෝදනා වලට අපරාධ අධිකරණයේදී වරදකරු වුවහොත්, එම අපරාධයට වසරක සිරදඬුවමකට සහ ඇමරිකානු ඩොලර් 4,000 ක දඩයකටද යටත් වේ.

    ටෙක්සාස් නීතීන්ට අනුව ජූරි සභාවක් සිවිල් උසාවියේදී අලාභහානි සඳහා වන්දියක් නියම කරන විට, විත්තිකරු විසින් එය නොගෙවන්නේ නම් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට පැමිණිලිකරු හැකියාව පවතී. එහිදී පැමිණිලිකරුට තවත් නඩුවක් ගොනු කළ හැකි අතර, එවිට විත්තිකරුගේ වත්කම් අත්පත් කරගැනීමට නියෝගයක් ලබා දීමට අධිකරණයට හැකියාව පවතී.

    ඔබේ අදහස් දක්වන්න.