Home උණුසුම් පුවත් කලින් ගෙන්වූ වාහන රේගුවේ හිරවෙලාද? -මෙන්න සුබ ආරංචියක්

කලින් ගෙන්වූ වාහන රේගුවේ හිරවෙලාද? -මෙන්න සුබ ආරංචියක්

කලින් ගෙන්වූ වාහන රේගුවේ හිරවෙලාද? -මෙන්න සුබ ආරංචියක්

ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කොට රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කර ගැනීම සඳහා අවසර හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස රඳවාගෙන ඇති රේගු ප්‍රකාශන ලබා දී නොමැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදා ගත හැකි බවයි.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි සහ ට්‍රක් රථ ආයනය සඳහා ඊයේ සිට අවසර හිමිව තිබෙන අතර එලෙස ලබා දුන් අවසරය යටතේ මෙම අවස්ථාව ද හිමිවන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

කැලිකසල ඉවත් කිරීම සඳහා යොදා ගන්නා ලොරි, ගිනි නිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ, බස් රථ සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය බස් රථ ආනයනයට දැන් හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here