Home උණුසුම් පුවත් චීනයේ ෂූරොන්ග් අභ්‍යාවකාශ යානය සාර්ථකව අඟහරු මතට ගොඩබසී

චීනයේ ෂූරොන්ග් අභ්‍යාවකාශ යානය සාර්ථකව අඟහරු මතට ගොඩබසී

චීනයේ ෂූරොන්ග් අභ්‍යාවකාශ යානය සාර්ථකව අඟහරු මතට ගොඩබසී

අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව චීනය පවසයි.

චීනයේ පළමු අඟහරු මෙහෙයුම වන Tiyanwen-1 අභ්‍යාවකාශ යානයේ අග්නි දෙවියන් යන අර්ථය ඇති  “ෂූරෝන්ග්“ නමැති රෝවර් යානය මෙලෙස අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වා ඇත.

කිලෝග්‍රෑම් 240ක බරකින් යුක්ත වන රෝද 6 කින් සමන්විත එම යානය සූර්ය පැනල මගින් බලගැන්වේ.

පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320කි.

අඟහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ අමෙරිකාව විසිනි.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට චීනය යි.

පෙර සැලසුම් කළ ආකාරයට යානය ගොඩබැස්වූ හැටි ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝවකින් පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here