Home උණුසුම් පුවත් දියණියට අතවර කළ නරුමයාට මව ඥාතීන් හා එක්ව පහරදී ඝාතනය කරලා

දියණියට අතවර කළ නරුමයාට මව ඥාතීන් හා එක්ව පහරදී ඝාතනය කරලා

0
දියණියට අතවර කළ නරුමයාට මව ඥාතීන් හා එක්ව පහරදී ඝාතනය කරලා

සිය 09 හැවිරිදි දියණියට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට නිරුවත්කර පහරදී ළිදක ගිල්වා මරා දැමීමට මවක් පියවරගෙන තිබේ.

මෙම සිදුවීම වී ඇත්තේ යාපනය කෝපායි හී දී පසුගිය 12 වෙනිදාය.

මේ සම්බන්ධයෙන් දියණියගේ මවත් ඇගේ ඥාති කාන්තාවකුත් මවගේ සහෝදරයාත් තවත් අයෙකුවත් යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස කෝපායි හී පදිංචිකරුවන්ය.

සිය දියණියට මෙම පුද්ගලයා ලිංගික අතවරයක් කළ බව තමාට දියණිය පැවසූ විට ඇතිවූ වේදනාවට ඥාතිවරියක් සමඟ එම පුද්ගලයාගේ නිවසට ගොස් පොල්ලක් කැටෙනතුරු ඔහුට පහරදුන් බව මව විසින් පොලීසියට පවසා ඇත. අනතුරුව සිය සහෝදරයාට මේ බව පවසා මෙම පුද්ගලයාව යතුරුපැදියක නන්වාගෙන ගොස් පාද වලින් එල්ලා ලිඳක ගිල්වා මරා දැමූ බවද ඇය පොලීසියට පවසා ඇත. අනතුරුව නිරුවත් මළ සිරුර ඔහුගේ නිවසේ දැමූ බවද ඇය පොලීසියට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here