Home උණුසුම් පුවත් ඉඩම් ආරවුල පොලිස් සොයුරා ඇතුළු පවුලක්ම කූඩු කරයි

ඉඩම් ආරවුල පොලිස් සොයුරා ඇතුළු පවුලක්ම කූඩු කරයි

0
ඉඩම් ආරවුල පොලිස් සොයුරා ඇතුළු පවුලක්ම කූඩු කරයි

ඉඩම් ආරවුලක් මුල්කරගෙන පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇතිවුණු ගැටුමක් සම්බන්ධයෙන් සෙවනගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් රියදුරු කොස්තාපල්වරයෙකු ඇතුළු 08 දෙනෙක් වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කොස්තාපල්වරයාගේ සහෝදරියන්, සහෝදරයෙක්, නෑනෑවරු සහ මස්සිනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පියාගෙන් උරුම වූ ඉඩමක් බෙදා ගැනීමට මැනීම් කටයුතු කිරීමේදී ඇතිවුණු ගැටුමක් මෙසේ පොලිස් නිලධාරියා ඇතුළු පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇත.

මෙම 08 දෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය. ගැටුම ඇතිවී තිබෙන්නේ පසුගිය 02 වෙනිදාය. එහිදී පිහි ඇනුමක්ද සිදුවී ඇත. එහිදී සහෝදරියන් සහ නෑනෑවරු 04 දෙනෙක් සහ සහෝදරයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගතකර සිට ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මෙම පිරිස පොලිස් ස්ථානයට කැදවා අත්අඩංගුවට ගත්බව වැල්ලවාය පොලීසිය කියයි. මෙම සැකකරුවන් 08 දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here