Home උණුසුම් පුවත් ජනපති අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි -ඝාතනයට වගකියන්න පාතාල කල්ලි 2ක් ගැටේ

ජනපති අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි -ඝාතනයට වගකියන්න පාතාල කල්ලි 2ක් ගැටේ

ජනපති අපේක්ෂකයෙකුට රැළියකදී වෙඩි -ඝාතනයට වගකියන්න පාතාල කල්ලි 2ක් ගැටේ
El candidato presidencial ecuatoriano Fernando Villavicencio ondea una bandera ecuatoriana mientras asiste a un mitin en Quito, Ecuador. 9 de agosto de 2023. REUTERS/Karen Toro

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සිටි අපේක්ෂකයෙකු ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

එරට ජාතික සභා සාමාජිකයකු වන ෆර්නැන්දෝ විල්යැවිසෙන්සියෝ නම් ඔහු රටේ දූෂණයට සහ පාතාල කල්ලිවලට එරෙහිව දැඩිව හඬ නැඟූ අයෙකි.

හිටපු ජනමාධ්‍යවේදියකු ද වූ ඔහු ඉක්වදෝරයේ පාතාල අපරාධ සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධකම් ඇති බවට මැතිවරණ ප්‍රචාරණයේදී ප්‍රසිද්ධියේ චෝදනා කරන අපේක්ෂකයන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

ඉක්වදෝර ජනාධිපති ගියෙර්මෝ ලසෝ පැවසුවේ මෙම ඝාතනය පිටුපස ඇත්තේ සංවිධානාත්මක අපරාධ බවයි.

ඝාතනයට ලක්වූ ජනපති අපේක්ෂකයාට පසුගිය මාසයේ ලොස් චොනෙරෝස් යනුවෙන් හඳුන්වන කල්ලියකින් තර්ජන එල්ල වී ඇත.

ඔහුගේ ඝාතනයෙන් පසුව, මුහුණු වසාගත් කලු ආවරණ පැළඳ සිටි, ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් ඝාතනයේ වගකීම භාරගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ විය.

රටවාසීන් පවසන්නේ ලොස් චෙනෙරෝස් කල්ලියේ ප්‍රතිවාදීන්, ලොස් ලොබොස් බවයි. නමුත් පැය කිහිපයකට පසු, තවත් වීඩියෝවක් අන්තර්ජාලයේ පළවිය.

මෙවර වෙස්මුහුණු පැළඳ නොසිටි තවත් පිරිමි කණ්ඩායමක් ඔවුන් ලොස් ලෝබෝස් බව ප්‍රකාශ කළ අතර, ඔවුන් ඝාතනයේ කිසිවක් නොකළ බව පවසා ඇත.

අනෙක් වීඩියෝව තම ප්‍රතිවාදීන් විසින් තම කල්ලිය මෙම ඝාතනයට සම්බන්ධ කිරීම සඳහා ගත් උත්සාහයක් බව ඔවුහු එම වීඩියෝවෙන් පවසා සිටී.

කල්ලි දෙකම සැලකිය යුතු බලයක් භාවිතා කරමින් සිටී. එම කල්ලි වපුරන ලද ප්‍රචණ්ඩත්වය, ලබන 20 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ඉක්වදෝර වැසියන්ගේ ඡන්දය ඒ මේ අතට හැරවීමේ ප්‍රධාන කරුණක් වී ඇත.

ඉක්වදෝරය යනු ලතින් ඇමරිකාවේ ඓතිහාසික වශයෙන් සාපේක්ෂව ආරක්ෂිත සහ ස්ථාවර රටකි.

නමුත් මෑත වසරවලදී එරට අපරාධ ඉහළ ගොස් ඇත.

දේශීය අපරාධ කල්ලිවලට රිංගා ඇති කොලොම්බියානු සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වර්ධනයෙන් එම අපරාධ උත්තේජනය වී ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here