Home දේශීය පුවත් උණුසුම් පුවත් ලොක්ඩවුන් සහ නිරෝධායන පවුල්වලට රජයෙන් 5000ක සහන මල්ලක්

ලොක්ඩවුන් සහ නිරෝධායන පවුල්වලට රජයෙන් 5000ක සහන මල්ලක්

ලොක්ඩවුන් සහ නිරෝධායන පවුල්වලට රජයෙන් 5000ක සහන මල්ලක්

නිරෝධායනය කර ඇති පවුල්‌ සභ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්‌ සතොසෙන්‌ රු.5000/- සහන මල්ලක්‌ ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

කොචිඩ්‌ වසංගත තත්වය හේතුවෙන්‌ දිවයින පූරා සංචරණ සීමා පැනවීමට රජය විසින්‌ ගත්‌ ක්‍රියාමාර්ගය හේතුවෙන්‌
ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක්‌ සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත්‌ තීරණය පරිදි මෙම පියවර ගෙන ඇත.

මේ අනුව අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක්‌ ඇතුළත්‌ රු.5000/- ක්‌ වටිනා සහන
මල්ලක් එලෙස ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි සතොස ආයතනය විසින්‌ කටයුතු යොදා ඇත.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදාහැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන්‌ අයත්‌ දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාල භා ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා.
නිලධාරීන්‌, සමෘද්ධි නිලධාරීන්‌ විසින්‌ සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත්‌ සහන මලු අදාල දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාල හා ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල සඳහා නිකුත්‌ කිරීමට පමණක්‌ සතොස අලෙවිසැල්‌ ජාලය භා සමූපකාර අලෙවිසැල්‌ විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත්‌ වන භාණ්ඩ මෙසේය.

  • සුදු නාඩු සහල්‌ 10kg
  • රතු කැකුළු සහල්‌ 5kg
  • පාන්‌ පිටි 3kg
  • අල (දේශීය) 3kg
  • රතු පරිප්පු 2kg
  • සුදු සිනි කිලෝ 1kg
  • දූඹුරු සිනි කිලෝ 1kg
  • භාල්මැස්සන්‌ (තායි) 500g
  • බී ලූනු 3kg
  • තේ කොළ 200g
  • ගම්මිරිස් 100g
  • ලුණු කැට 1kg
  • මිරිස්‌ කුඩු 200g
  • සෝයා මීට් 90 පැකට්‌ 02
  • දෙවැනි බැත 350g
  • නුඩ්ල්ස්‌ 1kg
  • ක්‍රීම්‌ කැකර්‌ බිස්කට්‌ 500g
  • මාරි 300 පැකට්‌ 1
  • මුහුණු ආවරණ 10
  • විබේජ නාශක දියර 100ml

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here