කොරෝනා වසංගත සමයේදී ලොව පුරා ජනප්‍රිය වූ වීඩියේ සන්නිවේදන සූම් මෘදුකාංගය නිෂ්පාදනය කළ සමාගම සිය කාර්ය මණ්ඩලයට යලිත් සිය රාජකාරි කටයුතු කිරීමට කාර්යාලයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබේ.
සූම් සමාගම විසින් සිය තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ “ව්‍යුහගත දෙමුහුන් ප්‍රවේශයක්” වඩාත් ඵලදායී බව තමන් විශ්වාස කරන බවත්, කාර්යාලයක සිට කිලෝමීටර් 80ක් ඇතුළත ජීවත් වන පුද්ගලයන් සතියකට දෙවරක්වත් කාර්යාලයට පැමිණිය යුතු බවට සමාගම විශ්වාස කරන බවයි.
කෙසේවෙතත් එක් අවස්ථාවකදී සූම් ආයතනය සඳහන් කර සිටියේ සිය කාර්ය මණ්ඩලයට දින නියමයක් නොමැතිව මර්ග ගතව සේවය කිරීමට හැකියාව ලැබෙන බවයි. එහෙත් සූම් සමාගම මේවන විට පවසා සිටින්නේ සේවකයින් සේවයට වාර්තා කිරීමට අදාල නව ප්‍රතිපත්ති අගෝස්තු මාසයේ දී හෝ සැපතැම්බර් මාසයේදී නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරන බවයි.
සේවකයින් කාර්යාලයට පැමිණීම අනිවාර්ය කළද, ස්ථානය සහ රට සැලකිල්ලට ගැනීමක් නොකරමින් දක්ෂයින් සිය සමාගමට තවදුරටත් බඳවා ගැනිමට පියවර ගන්නා බවද සූම් සමාගම සඳහන් කරයි. මේ අතර ජනවාරි අග වන විට,සූම් සමාගම පුද්ගලයන් අටදහස් හාරසීයක් පමණ සේවයේ යොදවා ඇති අතර, ඔවුන්ගෙන් අඩකට වඩා එක්සත් ජනපදයේ වාසය කරන්නන් වේ.
මේ අතර ලොව පුරා සමාගම් රැසකට සේවකයින් සිය කාර්යාලට ගෙන්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. එහිදී ඇතැම් සේවකයින් යලිත් කාර්යාලයට පැමිණීමට නම් වැටුප් ඉහළ දමන ලෙසටද ඉල්ලීම් කරමින් සිටින බව පසුගියදා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය.