Home උණුසුම් පුවත් බිරිඳයි දරුවයි එක්ක කොස්තාපල් හමුදාවේ කොල්ලෙක්ව පිහියෙන් කපලා

බිරිඳයි දරුවයි එක්ක කොස්තාපල් හමුදාවේ කොල්ලෙක්ව පිහියෙන් කපලා

0
බිරිඳයි දරුවයි එක්ක කොස්තාපල් හමුදාවේ කොල්ලෙක්ව පිහියෙන් කපලා

තලෙයිමන්නාරම පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු සිය බිරිඳ හා දරුවා එක්ක එකතුව යුද හමුදා සෙබලෙකුව කපා කොටා තුවාලකර ඇත.

මෙම අපරාධය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේදීය.

කැකිරාව පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ නිවාඩු ලැබ නිවසට පැමිණ සිටි කොස්තාපල්වරයා විසින් මෙසේ සිය අඹුදරුවන් සමඟ එක්ව කපා කොටා තුවාලකර ඇත්තේ මඩකලපුව හමුදා කදවුරේ සේවයේ නිරත සෙබලෙකුව බවය.

මෙම සෙබලාත් පොලිස් කොස්තාපල්වරයාත් කැකිරාව කුඹුක්වැව ඩී 03 කොටසේ පදිංචිව සිටින අසල්වැසියන් බව පොලීසිය කියයි. පුද්ගලික ආරවුලක් පදනම්කරගෙන මෙම පහරදීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයාත් බිරිඳත් දරුවාවත් අත්අඩංගුවටගත් බව කැකිරාව පොලීසිය සඳහන් කළේය.

පිහිපහරවල්වලින් තුවාල ලබා සිටින හමුදා සෙබලා දඹුල්ල රෝහලට ඇතුලත්කර ඇති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here