තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගංවතුර අවධානමක් - නාවික හමුදාව සීරුවෙන්

    ගංවතුර අවධානමක් – නාවික හමුදාව සීරුවෙන්

    අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පහත්බිමි ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුමදීමක් කරයි.

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අවධානමකට ලක්ව ඇති ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇත්තේ වත්තල, බියගම, කොළොන්නාව, කඩුවෙල, සීතාවක, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඹ්විට යන ප්‍රදේශයන්ය.

    අධික වර්ෂාපතනය හේතුවෙන් අද (14) පෙරවරුවේ බියගම – කැලණිය මාර්ගය පට්ටිවිල හංදියෙන් ජලයෙන් යටවී තිබුණි.

    මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත ප්‍රදේශ කිහිපයකට නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කර ඇත.ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම සහිත නාගොඩ සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් 04ක් යොදවා තිබේ.
    අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, උඩුගම සහ තවලම ප්‍රදේශ ආශ්‍රිතව ගලා බසින ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇත. ඒ හේතුවෙන් එම ප්‍රදේශ ගංවතුර අවදානමට ලක්වීමේ හැකියාවක් ඇති බැවින් නාගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ නාගොඩ සහ උඩුගම යන ප්‍රදේශ වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ද (02), තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙත තවත් කණ්ඩායම් දෙකක් ද (02) දකුණු නාවික විධානය මඟින් කඩිනමින් ස්ථානගත කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සදහන් කළේය.

    එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අවශ්‍යතාවය මත ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් සහන කණ්ඩායම් 06ක් දකුණු නාවික විධානය තුල සූදානමින් තබා ඇතැයිද නාවික හමුදාව සදහන් කරයි.

    නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් රත්නපුරය්ද මේ වන විට ස්ථාපිත කර ඇත.
    ගංවතුර අවදානම හමුවේ ආපදාවට පත්වන ජනතාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැළසීමේ අරමුණින් රත්නපුරය නව නගරයේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයක් ස්ථාපිත කළ බව නාවික හමුදාාව සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img