තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
සංගීතය ඇෆ්ගනිස්ථානයේ සදාචාරාත්මක වටිනාකම්වලට දැඩි හානියක් ඇති කරන බවට සඳහන් කරමින් තලේබාන් පාලනය විසින් මෙලෙස සංගීත භාණ්ඩ ගිනි තැබීමට පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ බටහිරි හේරත් පළාතේ විශේෂ ගිනිමැලයක් සකස් කර ඇමරිකානු ඩොලර් දහස් ගණනක් වටිනා සංගීත උපකරණ පුළුස්සා දැමීමට කටයුතු කර ඇත. 2021 දී බලයට පත් වූ දා සිට තලේබාන් සංවිධානය විසින් ප්‍රසිද්ධියේ සංගීතය වාදනය කිරීම ඇතුළු බොහෝ සීමාවන් පනවා තිබිණි.
ඇෆ්ගනිස්ථානයේ ජාතික සංගීත ආයතනයේ නිර්මාතෘ අහමඩ් සර්මාස්ට් තලේබාන් සංවිධානය සිදුකළ මෙම ක්‍රියාව සංස්කෘතික ජන සංහාරයක් සහ සංගීත සිදු කළ විනාශයක් බවට සඳහන් කළේය.
“ඇෆ්ගනිස්ථානයේ ජනතාවට කලාත්මක නිදහස තහනම් කර තිටෙබනවා. හේරත් පළාතේ සංගීත භාණ්ඩ ගිනි තැබීම තලෙයිබාන්වරුන්ගේ නායකත්වය යටතේ ඇෆ්ගනිස්ථානයේ සිදුවෙමින් පවතින සංස්කෘතික ජන සංහාරයේ කුඩා උදාහරණයක් පමණි,” යනුවෙන් සර්මාස්ට් පැවසීය.
මෙලෙස ගිනි තැබූ සංගීත භාණ්ඩ අතර ගිටාරයක්, සර්පිනාවක් සහ තබ්ලාවක්, බෙර කීපයක් මෙන්ම ඇම්ප්ලිෆයර් සහ ස්පීකර් ඇතුළත් වූ බව අන්තර්ජාලයේ පළවී ඇති පින්තූරවලට අනුව අනුමානය කළ හැකිය. මෙම සංගීත භාණ්ඩ වලින් බහුතරයක් අත්අඩංගුවට ගෙන තිබුණේ නගරයේ විවාහ මංගලොත්සවයන් අතරතුරදී වීමද විශේෂත්වයකි.
අදාල ගිණි තැබීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ අදාල සංගීත භාණ්ඩ “තරුණයන් නොමග යාමට හේතු වන” බවයි.
මීට අමතරව තවත් මෙලෙසම ගිණි තැබීම් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය පුරාම සිදුකර ඇති අතර ඒවායේදී කුමණ දෑ ගිනි තබා ඇත්දැයි නිසි සඳහනක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.