ණය අවදානම්වලට මුහුණ දෙන රටවල් සඳහා සහන ක්‍රියාමාර්ග වේගවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහ ලෝක බැංකුවෙන් ඉල්ලා සිටින බව ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු ලෙස චීනය ද ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ශ්‍රී ලංකාවේ ණය පීඩාවෙන් ගලවාගැනීම සඳහා ගෙන යන ප්‍රයත්නයට එක්වීම සඳහා සාදරයෙන් පිළිගන්නා බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ පොදු රාමුව තුළ මෙන්ම ඉන් “පිටත” ගැටලුව විසඳීම සඳහා පුළුල්, වඩා හොඳ සහ ඉක්මන් ප්‍රවේශයක් අවශ්‍ය බව ද ඇමතිවරිය අවධාරණය කළාය.
මේ වනවිට G-20 සමුළුවේ සභාපතිත්වය දරන්නේ ඉන්දියාවයි.
එම ධුර කාලය තුළදී ඉන්දියාවට ඉටුකිරීමට අවශ්‍ය කර ඇති මුල්‍ය මාර්ග ප්‍රමුඛතා දෙක ලෙස ඇය ඉදිරිපත් කර ඇත්තේ, බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල (MDBs) ප්‍රතිසංස්කරණ සහ බොහෝ ආතතියට ලක් වූ ආර්ථිකයන් සඳහා ණය සහන ක්‍රියාමාර්ග නියම කිරීම බවද සීතාරාමන් මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකාව ගත් කළ, දැනට G-7 සභාපතිත්වය දරන ජපානය, මෙම ණය ප්‍රශ්නය විසඳීමට කඩිනමින් පෙරමුණ ගත් බව ඇය පෙන්වා දුන්නාය.
“ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමඟ එක්ව ණය හිමියන්ගේ කණ්ඩායමේ ඉක්මන් කමිටුවක් ඉදිරිපත් කොට එය ගැටලුව විසඳීමට පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම, එය විවෘත සංසදයක්. එය රටවල් තුනට පමණක් සීමා වෙන්නෙ නෑ. එරට විශාල ණය දෙන්නන්ගෙන් කෙනෙක් ලෙස සහභාගී වන්නට චීනය සාදරයෙන් පිළිගන්නවා” සීතාරාමන් මහත්මිය පැවසුවාය.
“ණය පීඩාවට විසඳුම් සෙවීම සඳහා ඵලදායී ප්‍රවේශයක් ඇති එවැනි අවස්ථාවන්හිදී ජපානයේ නායකත්වයට හොඳ ප්‍රතිචාරයක් ලැබී තියෙනවා. G-7 සහ G-20 එක්ව ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරන බවට මෙය කදිම නිදසුනක්” බවත් හෙතෙම කීය.