Home දේශීය පුවත් උණුසුම් පුවත් කැලඹුණු කාලගුණේ ජීවිත 05 ක් දැනටමත් බිලි අරන්

කැලඹුණු කාලගුණේ ජීවිත 05 ක් දැනටමත් බිලි අරන්

0
කැලඹුණු කාලගුණේ ජීවිත 05 ක් දැනටමත් බිලි අරන්

අයහපත් කාලගුණික තතත්වයෙන් අද (14) අලුයම 6.00 න් ගෙවී ගිය පැය 24 තුළ ජීවිත 05 ක් අහිමිව 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථාන තොරතුරු සදහන් කරයි.

රුවන්වැල්ලේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවී දෙදෙනෙක් ද, වරකාපොල ගස්වාන හංදියේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට යටවීමෙන් එක් අයෙක්ද, කෑගල්ලේ තෝලන්ගමුවේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙක්ද, ගාල්ල උඩුගම අලුත්වත්තේ පාලමක් මතින් ගමන් කරමින් සිටි තරුණයෙක් දිය පහරට ගසාගෙන ගොස්ද මියගොස් තිබේ.

රුවන්වැල්ලේ දී ජලයට කොටුවී සිටි පවුල් 04 ක සාමාජිකයන් 14දෙනෙක් ද මේ කාලය තුළ යුද හමුදා සාමාජිකයින් විසින් බේරාගෙන ඇත. පස්කදු නිවෙස්මතට කඩාවැටී නිදි පැදුරේම පස්වලට යටවී සිටි ජීවිත 10 කට වැඩි ප්‍රමාණයක් දෙහිඹ්විට, කෑගල්ල, වරකාපොළ, රුවන්වැල්ල යන ප්‍රදේශවලින් බේරා ගැනීමට ද යුද හමුදාව සමත්වී ඇත. ඒ සියළු දෙනා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here