උසස් පෙළ හැදෑරීම සඳහා සූදානමින් සිටින සිසු සිසුවියන් ඉලක්ක කරගනිමින් උසස් පෙළ විෂය ධාරාවන් තෝරාගැනීමට උපකාරවන ෆියුචර් රෙවෙලේෂන් (Future Revelation) 2023 විශේෂ සම්මන්ත්‍රණය ලබන සඳුදා (31) උදෑසන 9සිට දහවල් 1 දක්වා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
ගාලු යාළු 92 කණ්ඩායම සහ සවුත්ලන්ඩ් විද්‍යාලයීය 1991-2000 ආදි ශිෂ්‍ය කණ්ඩායම එක්ව සංවිධානය කරන මෙම විශේෂ සම්මන්ත්‍රණයේ දී උසස් පෙළ විෂය ධාරා තෝරාගැනිමට අමතරව උසස් පෙළ අවසන් වූ පසුව දරුවන්ට ඉලක්ක කළ හැකි වෘත්තින් පිළිබඳව දැනුවත් කිරීම ද සිදුවෙයි.
රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් ද සිල්වා,ගාල්ල තාක්ෂණ විද්‍යාපීඨයේ වෘත්තිය මාර්ගෝපදේශක නිලධාරිනි අචිනි නානායක්කාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි ජි.එම්.එල්. සම්පත් දිසානායක මහත්ම මහත්මින් සමඟින් British Council,CIMA,ESOFT සහ Microsoft ආයතනවන නියෝජිතයෝ මෙහි සම්පත් දායකත්වය දරති.
ගාලු යාළු 92 කණ්ඩායම ගාල්ලේ කිර්තිමත් පාසල් අටක් වන රිච්මන්ඩ්,මහින්ද, ශාන්ත ඇලෝසියස්,විද්‍යාලෝක,සවුත්ලන්ඩ්ස්,සංඝමිත්තා, ශ්‍රී හෘදය කන්‍යාරාමය සහ රිපන් විද්‍යාලවලින් ඉගෙනුම ලබා 1992 වසරේ පාසලෙන් නික්ම ගිය සහෘද එකතුවකි.
Future Revelation 2023 පිළිබඳ තොරතුරු සඳහා සම්පත් දේශාන් 0714479007 සහ ගීතානි සමරවීර 0777706251 අමතා තොරතුරු ලබාගත හැකිය.