Home COVID සරානන්ද පිරිවෙනෙහි හිමිනමක් කොවිඩ් වලින් අපවත්වෙයි

සරානන්ද පිරිවෙනෙහි හිමිනමක් කොවිඩ් වලින් අපවත්වෙයි

0
සරානන්ද පිරිවෙනෙහි හිමිනමක් කොවිඩ් වලින් අපවත්වෙයි

අපවත්වී වදාල අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියන්ට කොවිඩ් 19 වෛරසය ආදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

වැඩ සිටි කුටියේ බිම වැටී සිටි උන්වහන්සේව අනුරාධපුර රෝහලට ඇතුලත් කරන විටත් අපවත්ව සිටි බව රෝහල් තොරතුරු අනාවරණය කළේය. අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 64 කි.

උන් වහන්සේගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (13) තහවුරු වී තිබේ.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (14) සවස අනුරාධපු නිසල උයන ආදාහනාගාරයේදී සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව සිදු කිරීමට නියමිතය.

සේරුවිල මංගල රාජමහා විහාරධිපති අමරපුර කළ්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රදාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නිහිමියෝද කොවිඩ් වෛරස ආසාදිතව ඉන්දියාවේදී අපවහත් වූහ. චෙන්නායි හී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ කොවිඩ් ආසාදිතවී තිබේ. දේහය පිළිබද ආදාහන කටයුතු ඉකුත් 12 වෙනිදා චෙන්නායි හීදී සිදුවී කිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here