තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය සේවය ගැන රජයෙන් තීරණයක්

    දුම්රිය සේවය ගැන රජයෙන් තීරණයක්

    ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (25) පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී කීය.

    මගීන් අපහසුතාවට ලක්කරන දුම්රිය සේවකයන්ගේ යම් පියවරයන් හේතුවෙන් දුම්රිය සේවය පිළිබඳව දැඩි තීරණයක් ගන්නා බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ(24) ප්‍රකාශ කර තිබුණේ මෙලෙසයි.

    “මගීන් කොළඹට අරන් ඇවිත් එකපාරට දුම්රිය නතර කරනවා නම්, වැඩට යන්න ඉන්න දහස්ගණන් මිනිස්සු අතරමං කරනවා නම්, මේකට දැඩි තීන්දුවකට එන්න ඕනේ. මෙච්චර කල් මෙහෙම කරන් ආවා මෙහෙම කියලා. පහුගිය කාලයේ ඉතා සහයෝගයෙන් වැඩ කළා. කවදාවත් වර්ජනයක් කළේ නෑ, රියදුරුවරුන්ගේ යම් දේශපාලන උවමනාවක් තියෙන්න පුළුවන්. මම අද කැබිනට් මණ්ඩලයට කියන්න බලනවා. මගී ජනතාවගේ ඉල්ලීම තිබුණේ දුම්රිය පුද්ගලීකරණය කරන්න. ඒක කවදාවත් කරන්න බෑ. මම කිව්වා පුද්ගලීකරණය කරන්නේ නැතුව මේක අධිකාරියක් කරලා හදන්න පුළුවන් අපිට කාලයක් දෙන්න කියලා. එහෙම දීලා තියෙද්දිත් මේ විදියට මිනිස්සුන්ව පෙළනවා නම් මේ විදියට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය. ඉතාම දැඩි තීන්දුවක් මම කැබිනට් මණ්ඩලයට කියලා ගන්න බලාපොරොත්තු වෙනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img