කළු ජූලිය සමරමින් කොළඹ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට රැගෙන ගිය කඳුළු ගෑස් අවි හා උණ්ඩ නැවත ක්ෂේත්‍ර බලකායේ අවි ගබඩාවට භාරදෙමින් තිබියදී කඳුළු ගෑස් උණ්ඩයක් බිම පතිතවී පුපුරායාමෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.
මෙසේ රෝහල්ගතකර ඇත්තේ කැරළි මර්දන බලකායේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.